( මෙහි එන නම් ගම් සියල්ල මන: කල්පිතය )
෴ රතු ඇට මිදුළු ෴
(2 වන කොටස)
ට්‍රීං..............ට්‍රීං................ට්‍රීං.................ට්‍රීං...............
මහ හඬින් නාද වු ඔරලෝසුව නිසා මා අවදි
වන්නට විය. වේලාව පාන්දර 5.30 ලෙස සටහන් වී තිබූ අතර එසැනින් අවදි වී අම්මා
පිළියෙල කර තිබූ තේ කෝප්පය පානය කර
රාජකාරී සඳහා පිවත් විමට සූදානම් විය. අම්මාට වැඳ ගෙදරින් පිටත් වී දුම්රිය
ස්ථානයට පැමිණෙන විට එහි වූ විශාල ඔරලෝසුවේ පෙ.ව 6.50 වී තිබූ නිසා ඉක්මනින් ප්‍රවේශ
පත්‍ර කවුළුවෙන් කොටුව දුම්රිය පොළට ප්‍රවේශ පත්‍රයක් ගෙන වේදිකාවට ගොඩවත්ම උදෑසන
7.05 කාර්යාල දුම්රිය වේදිකාවට සේන්දු විය. මා දුමරියට ගොඩ වී අසුන්ගෙන කවුළුවෙන්
ඈත බලා සිටියදී පෙර දිනයේ සිදුවූ දේ එක වරම මතකයට නැගුනි. එසැනින් මුළු සිරුරම
බියකින් වෙලී ගිය අතර ඒ පුද්ගලයාගේ කටහඬ මනසේ දෝංකාර දෙන්නට පටන් ගත්තේය.
"
ඊයෙ නම් මහා අවාසනාවන්ත දවසක්. අනේ දෙවියනේ ඒ කෝල් එක ආවෙනැත්තන් මම කොයිතරම්
වාසනාවන්තද? මේ සිද්ධිය නිසා මට දැං පිස්සු වගේ. මේක
කාට හරි කිව්වොත් මාව විහිළුවට ගනීයි මට හිනා වෙයි." මේ ආකාරයේ එකිනෙකට
පරස්පර විරෝධී සිතුවිලි ගොඩකින් මනස පිරී ගියේය. " ඇත්තටම කවුද ඒ මනුස්සය?
මොකටද මටම එයා කෝල් කරේ? කොහෙන්ද මගේ නම්බර් එක? මේක කාගෙ හරි විහිළුවක්ද දන්නෙ
නෑ. නෑ ඒත් එහෙම නම් පස්සෙ හරි කෝල් එකක් දෙනව. අනේ මන්ද දැං ඔලුවත් රිදෙනව."
මෙලෙස දිගින් දගටම කල්පනාවේ පැටලී සිටයෙමි.
" 3 වන වේදිකාවට පැමිණි දුම්රිය කොළඹ
කොටුවට පමණයි. "
එය ඇසුනු විගස මා කල්පනා ලොවින් නික්ම
දුම්රියෙන් බැසීමට සෙනග අතරට ගියෙමි. ඒ ආකාරයෙන් කාර්යාලයට යන තුරුම පෙර දවසේ වුනු
සිද්ධියෙන් සිත කැළඹී තිබින. එහි යන විට අප ආයතනයේ අනෙක් සගයින් "සුභ උදෑසනක්"
කියන අතරෙ මා ඉතා ලඟින් ඇසුරු කරන මිතුරකු වන හෂාන් මා වෙතට පැමිණ " මොකෝ බං
අප්සට් එකේ. මොකක් හරි අවුලක්ද? අරයවත් මොකක් හරි කේස් එකක් දැම්මද? නැත්තං උඹට
බඩේ අමාරුවක්ද? " කී විට සියල්ලෝම සිනා සුනි.
" මේ උඹ කාල නැත්තං වරෙං කන්න යන්න. "
හෂාන් ඇරයුම් කළේය.
"කන්න බෑ බං උඹ ගිහින් කාපං. මුකුත් අවුලක් නෑ මචං ඊයෙ හවස
ඉඳං ඔලුවෙ කැක්කුමක් තියෙනව තාම අමාරුයි බං. " යැයි
මා කී විට
"අහ් එහෙමද මුකුත් බිව්වෙ නැද්ද බං. පැරසිටමෝල් දෙකක් දෙන්නද මං ලඟ
ඇති"
"එපා මචං මං එනකොට බීල ආවෙ. දැං හරි
යයි. මං චුට්ටක් මෙතන ඔලුව තියාගෙන ඉන්නම්" මට අවශ්‍ය වුනේ හෂාන් මඟ හැරීමයි.
"අනේ මන්ද කෙවින් උඹට කවදාවත් නැතුව අද
මේ මොකක් වෙලාද කියල හරි කමක් නෑ උඹ ඔලුව තියාගෙන හිටපං අපි කාල එන්නම්. කනව නම්
වරෙං" කී හෂාන් ඉක්මනින් උදේ ආහාර ගැනීමට ගියේය.
මේ ආකාරයෙන් මුළු දවසම ගෙවී ගියේය. මා එදින
වේලාසනින් රාජකාරී නිමා කරන බව අංශ ප්‍රධාන මහතාට දැනුම් දී තිබුන නිසා ප.ව 4.30 ට
පමණ යෑමට සූදානම් වී මේසය පිළියෙල කරමින් සිටින විට ජංගම දුරකථනය නාද විය. මගේ ඇස්
නිලංකාර විය. ඒ අර දුරකථන අංකයමයි. මා පුටුවට ඇද වැටුනෙමි.
" දෙවියනේ මොකද්ද මේ මං පැටලිල ඉන්න
අවාසනාව? මං මේකෙන් ගැලවෙන්නෙ කොහොමද? මං කාටද මේක කියන්නෙ. "
මා එම ඇමතුමට පිළිතුරු නොදුන්නද දිගටම ඇමතුම
එන්නට විය. සිරුර දහඩියෙන් නැහැවෙන්න තරම් ය. ඉක්මනින් සූදානම් වී හෂාන්ටත් කියා
කාර්යාලයෙන් පිටත් විය.
මා නිවසට පැමිණෙන විට සවස 6.30 ලං වී තිබුනද
මට ඒ ගැන කල්පනාවක් වත් නොතිබුනේ දිනෙන් දින මා පසු පසින් එන මේ භයංකාර සිදුවීම
ගැන තිබුනු කැළඹිලි ස්වභාවය නිසාවෙනි.
" පුතා අද මොකද වේලාසනින්? "
" අද සිකුරාදානෙ අම්මෙ ටිකක් වේලාසනින්
ආව. වැඩිය වැඩ තිබුනෙත් නෑ ඒ නිසා බණ්ඩාර සර්ට කියල හතරහමාරට විතර ආව. "
"පුතා........... පුතා..............
තේ එකක් ගේන්නද? "
"හා....... ගේන්න අම්මේ තිබහයි"
" මෙන්න තේ එක. මොකෝ මේ මූණත් එක්කම
කළු වෙලා ගිහිං. ඇයි සනීප නැද්ද? "
"නෑ අම්මෙ මේ... මේ..... ඔලුව රිදෙනව
වේලාසනින් ආවෙත් ඒකයි"
" හ්ම්...... බලාගෙන ඔය අසනීප වෙන්න
එපා" යි කී අම්මා කාමරයෙන් පිටවී ගියාය.
" මං දැං කාටද මේක කියන්නෙ? මේක අහන්න
පුළුවන් කෙනෙක් කවුද ඉන්නෙ? " මෑත කාලයේ ඉතා ලඟින් ඇසුරු කළේ හෂාන් පමණි. මේ
සිදිධිය කීමට සිටියේ හෂාන් පමණක් නිසා ඉක්මනින් තේ කෝප්පය පානය කර ඇඟපත සෝදාගෙන
හෂාන්ට ඇමතුමක් ගත්තෙමි.
( මතු සම්බන්ධයි )
නියමයි... කථාව හොඳට ගලාගෙන යනවා... වැඩියම අදින්නත් එපා...
ReplyDeleteපුළුවන් නම් ලිඛිත ව්‍යවහාරයට නැතිව, කථා කරන විදියටම කථාව ලියන්න... ඒක කියවන අයට පහසුවක්...
ජය මල්ලි...!!!
හරි මං ලියන කොට ඒ ගැන සැලකිලිමත් වෙන්නම්. ගොඩක් ස්තූතීයි!
Deleteකතාව හොඳයි..චතූ කිව්ව වගේ තව ටිකක් සරල කරන්න උත්සහ ගන්න..ජය වේවා..!!
ReplyDeleteබොහොම ස්තූතීයි ධනූ! ඔබේ අදහස් ඉහලින්ම පිළිගන්නව....
Deletegud, i agree to the above coments..
ReplyDelete