Wednesday, November 7, 2012

( මෙහි එන නම් ගම් සියල්ල මන: කල්පිතය.)

෴ රතු ඇට මිදුළු ෴

                  එදින මැයි මස 13 වෙනිදා ය. මා රාජකාරි අවසන් වී නිවස බලා යෑම ස‍ඳහා කාර්යාලයෙන් පිටත්වන විට සවස හය පසුවී ය. මා මේධාරාම මාවතේ සාමාන්‍ය අයුරින් ගමන් කරමින් සිටියෙමි. මට ඈතින් දුම්රිය ස්ථානයද පෙනෙන්නට විය. එකෙනෙහිම මාගේ ජංගම දුරකථනය නාද වීමත් සමග සිතේ පුංචි සතුටක පෙරනිමිති පහළ විය. ඒ මාගේ පෙම්වතියගෙන් පැමිනෙණ ඇමතුමක් යැයි හැඟුණ බැවිනි. දුරකථනය අතට ගත් මා හට දකින්නට ලැබුනේ කිසිදිනක දැක නොමැති         දුරකථන අංකයකින් ඇමතුමන් ඇති බවයි. ඒ කෙසේ නමුත් සැකයකින් තොරව මා ඇමතුමට සම්බන්ධ වී පිළිතුරු දීමට සූදානම් විය. 

එකවරම අනෙක් පසින් සැරපරුෂ ගෙරවිලි හඬකින් රහසින් මෙන්     “ ඔය කතා කරන්නේ කෙවින් ද“ යැයි ඇසුවේය. එසැනින් මගේ මුළු සිරුරම කිළිපොලා ගිය අතර මට කතාකරගන්නටවත් නොහැකි විය. මහා බියක් සිතේ දරාගෙන “ ඔව් කෙවින් තමයි කතා කරන්නෙ “ කියා පිළිතුරු දුන්නෙමි. ඉන් පසු ඒ පුද්ගලයාගෙන්    ශබ්දයක් නොඇසුනත් මා දිගටම දුරකථනයට සවන් දීගෙනම සිටියෙමි.  ඒ පුද්ගලයා නිහඬ වුවත් මට ඒ මොහොතේ අනෙක් පසින් අසන්නට ලැබුනේ බල්ලන් පොරකන සහ මහා විලපයක බිහිසණු හඬකි. මාගේ දිව කට වේලී ගොස් ක්ලාන්තයක් මෙන් දැනින. මට එක වචනයක්වත් කතා කරගන්නට නොහැකි විය. විගස දුරකථනය විසන්ධි කළ මා බෑගයේ තිබූ බෝතලයෙන් මූහුණ සෝදා ගතිමි. මාගේ පපුව දරා ගත  නොහැකි වේගයෙන් ගැහෙන්න පටන් ගත්තේය. මා ඉතා අමාරුවෙන් ප්‍රකෘති තත්වයට පැමිණියෙමි. එහෙත් මේ සියල්ල සිදුවූයේ විනාඩි දහයක් වැනි සුළු කාලයක් වුවද එය මගේ සිතේ දැඩි කම්පනයක් ඇති කෙරින. මේ සිතුවිලි හරඹයත් සමග මා නිවසට පැමිණෙන විට රාත්‍රී 8.30 ට ආසන්නය. නිවසට පැමිණි විගසම මා මුලින්ම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කළෙමි. ඉක්මනින් ඇඟ පත සෝදා ගත්තද රාත්‍රී ආහාර ගැනීමට තරම් මානසිකත්වයක් තිබුනේ නැති බැවින් වේලාසනින්ම නින්දට ගියෙමි.


         ( මතු සම්බන්ධයි )

5 comments:

  1. ඉතින් මිත්‍රයා...සාදරයෙන් පිලිගන්නව බ්ලොග් කරනයට..දිගටම ලියන්න.. ජයවෙවා..!!

    ReplyDelete
  2. Beginning is awsome....But i don't know why Kevin got scared of dog barking...cz we can get it as normal...anyway i hope it's really horror,keep it up my brother...carry on!

    ReplyDelete
  3. ගොඩාක් ස්තූතියි හැමෝටම ඔයාලගෙ අදහස් මට ලොකු ශක්තියක් වෙයි.

    ReplyDelete
  4. සුභ පැතුම් මල්ලියා !!! බ්ලොග් අවකාශයට ආදරයෙන් පිළිගන්නවා... පෝස්ට් කෙටි නොකර ඡේද 5-6 ක් වත් දාන්න බලන්න. දිගු ගමනකට ආසිරි.. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතීයි චතූ තව අඩුපාඩු පෙන්නල දෙන්න. අදහස් තියෙනව නම් කියන්න.!!!

      Delete