( මෙහි එන නම් ගම් සියල්ල මන: කලපිතය. )
෴ රතු ඇට මිදුළු ෴
( 4 වන කොටස )
"ඒයි කෙවින් කවුද උං දෙන්නෙක් අර කාර් එකෙං බැස්ස බං"
එසේ කී හෂාන් නැවතී ඒ මිනිසුන් දෙදෙනා දෙස බලා සිටින්නට විය. ඒ අතර උන් සෙනඟ අතර අප දෙදෙනා සොයන ආකාරය මට දකින්නට ලැබුනේය.
" ඉක්මනට වරෙං හෂාන්... ඉක්මනට මාරු වෙමු මොකක් හරි ලෙඩක් වැටීගෙන වගේ එන්නේ"
අපි දෙදෙනා අඩිය ඉක්මන් කරමින් ඔවුන් මඟ හරිමින් යන්නට පටන් ගත්තේය. නමුත් උන් අප දෙසටම පැමිණෙන්නට විය. අපි තවත් වේගය වැඩි කළෙමු. ඒ කෙසේ වෙතත් අප දෙදෙනා අප්‍රමාණ බියකින් පසුවිය.
" මොකද්ද බං මේ?" හෂාන් ඇසුවේය.
" අනේ මන්ද බං මට තේරෙන්නෙත් නෑ මොකද්ද කියල, නිකං අහක යන කුණු ගොඩක් වගේ බං"
අපි දෙදෙනා දුවමින් සිටියේ බස් නැවතුම්පළ දෙසටය.
" මේ හෂාන් අපි බස් එකට නගින්නෙ නැතුව බොරුවට වෙන පැත්තකට යමු මොකද මුං අපි යන පැත්ත බලාගන්න එක ඒ තරම් හොඳ නෑ මචං" මා හෂාන්ට කීවෙමි.
" අැත්ත තමයි, උඹටත් මොළේ් ටිකක් තියෙනව නේ බං"
අපි විගස පුෂ්පාරාම මාවතට හැරී ටික දුරක් ගමන් කර හැරී බලන විට අප ලුහුබැඳි ඒ මිනිසුන් දෙදෙනා පෙනෙන්නට සිටියේ නැත. අපි දිවිල්ල නවත්වා ඔවුන් කොහෙද යැයි බැලුවේය.
"අපි දැං මොකද කරන්නේ බං, දැං ඉතිං යමු" හෂාන් යෝජනා කළේය.
"නෑ මචං අපි දැන්ම යන්න හොඳ නෑ මොකද මෙච්චර දුරක් අපිව එලවගෙන ආපු උන් එහෙම නිකං යන එකක් නෑ. අපි තව ටිකක් මේ විදියටම ඉස්සරහට යමු" යි මා කී විට හෂාන් ද හිස සොලවා එය අනුමත කළේය.
අප දෙදෙනා මරු විකල්ලෙන් මෙන් දිව යන විට අපට මුර සංචාරයේ යෙදෙන පොලිස් රථයක් හමු විය. එහි සිටි පොලිස් නිළධාරින් දෙදෙන අපට නවතින්න ලෙස අතින් සංඥා කළේය.
"ඇයි පුතා මොකද්ද ප්‍රශ්ණෙ ඇයි ඕගොල්ලො දුවන්නේ?" යි එක් නිළධාරියෙක් අපෙන් විමසුවේය.
"අපි ටවුන් එක මැදින් එනකොට අර අතන කඩේ අයිනෙ හිටගෙන ඉන්න දෙන්න අපිව එළවගෙන ආව. දැං ගොඩක් දුර ඉඳං අපේ පස්සෙන් එනව" මා හති දමමින් කීවෙමි.
"හරි ඔය දෙන්න ඔහොම ඉන්න" යී කී පොලිස් නිළධාරින් දෙදෙනා ඔවුන් දෙසට යන්නට සූදානම් වන විටම ඔවුන් දෙදෙනා කලබල වී දුවන්න පටන් ගත්තේය. එවිට පොලිස් නිළධාරින් දෙදෙනාද ඔවුන් පසුපස එළවන්නට පටන් ගත්තේය.
අප පසුපස ආ එකෙකු පාරේ යන කෙනෙකුගේ ඇඟේ හැපී විසි වී වැටුනේය. ඔහු අපසු නැගිට දුවන විට ඔහුගේ සාක්කුවේ තිබී යමක් වැටෙනු අප දෙදෙනා දුටුවද පොලිස් නිළධාරීන් දෙදෙනා දුටුවේ නැත.

අපි මීටර කිහිපයක් පසු කරන විටම ඉදිරියෙන් වේගයෙන් ඇදී ආවේ උන් පැමිණි වාහනයයි. අප දෙදෙනා ආපසු හැරී වෙගයෙන් බස් නැවතුම්පළ දෙසට දිව ගියේ පසු පස නොබලමිනි. කඩ සාප්පු අතරින් මිනිසුන්ගේ හැපෙමින් අපි දිව ගියෙමු. ඔවුන් දෙදෙනා නැවත වාහනයෙන් බැස අප ලුහුඳින්නට විය. ඒ අතර ඇතුළේ සිටි එකෙක් මහ හඬින් " අරුං දෙන්නව පන පිටින් ගෙනෙල්ල නැත්තං තොපි ඉවරයි....."
යැයි කෑගසනු අපට ඇසුනි.
අප දෙදෙනා මරු විකල්ලෙන් මෙන් දිව යන විට අපට මුර සංචාරයේ යෙදෙන පොලිස් රථයක් හමු විය. එහි සිටි පොලිස් නිළධාරින් දෙදෙන අපට නවතින්න ලෙස අතින් සංඥා කළේය.
"ඇයි පුතා මොකද්ද ප්‍රශ්ණෙ ඇයි ඕගොල්ලො දුවන්නේ?" යි එක් නිළධාරියෙක් අපෙන් විමසුවේය.
"අපි ටවුන් එක මැදින් එනකොට අර අතන කඩේ අයිනෙ හිටගෙන ඉන්න දෙන්න අපිව එළවගෙන ආව. දැං ගොඩක් දුර ඉඳං අපේ පස්සෙන් එනව" මා හති දමමින් කීවෙමි.
"හරි ඔය දෙන්න ඔහොම ඉන්න" යී කී පොලිස් නිළධාරින් දෙදෙනා ඔවුන් දෙසට යන්නට සූදානම් වන විටම ඔවුන් දෙදෙනා කලබල වී දුවන්න පටන් ගත්තේය. එවිට පොලිස් නිළධාරින් දෙදෙනාද ඔවුන් පසුපස එළවන්නට පටන් ගත්තේය.
අප පසුපස ආ එකෙකු පාරේ යන කෙනෙකුගේ ඇඟේ හැපී විසි වී වැටුනේය. ඔහු අපසු නැගිට දුවන විට ඔහුගේ සාක්කුවේ තිබී යමක් වැටෙනු අප දෙදෙනා දුටුවද පොලිස් නිළධාරීන් දෙදෙනා දුටුවේ නැත.
......මතු සම්බන්ධයි......
Well written
ReplyDelete